100 Views  
පෙරළිකාර රවි කටකයට
ලග්න රැසකට අසුබ ප්‍රතිඵල



2017 ජූලි මස 16 වන ඉරිදා දින එනම් අද දින අපර භාග (සවස) 04.24 ට පියකාරක රවි හෙවත් නවග්‍රහයින් අතරින් අපට ශක්‌තිය, ආලෝකය මෙන්ම ජීවය ලබා දෙන ප්‍රධාන ආලෝක ග්‍රහ තාරකාව වන රවි ග්‍රහයා (සූර්යයා) තම මිත්‍ර රාශියක්‌ වන මව් කාරක සඳුට අයත් කටක රාශියට පිවිසෙයි. ඒ අනුව ගුරුට අයත් පුනාවස නැකතේ සිව්වන පාදයටත්, පුෂ හා අස්‌ලිස නැකතටත් පිවිසෙන රවි ග්‍රහයා එම කටක රාශියේ ඉදිරි මසකට ආසන්න කාලයක්‌ ගත කරනු ඇත. ග්‍රහලොව රාශි වළල්ලේ පියා හෙවත්, ග්‍රහ ලොව පාලක ග්‍රහ තාරකාව වන රාජ්‍ය කාරක රවි කටක රාශි ග්‍රහ මාරුව ඉතාම ප්‍රබල ග්‍රහ මාරුවකි.

විශේෂයෙන් රවි කටකයට පිවිසෙන විට තත්කාල කේන්ද්‍රය තුළ එහි අධිපති අනෙක්‌ ආලෝක ග්‍රහයා වන සඳු හෙවත් චන්ද්‍රයා ශනි හෙවත් සෙනසුරුට අයත් මකර රාශියේ සම රාශි ගතව රවිටම අයත් උත්‍රසල නැකතේ තෙවන පාදයේ තැන්පත්ව සිටී. කුජ හිමි වෘශ්වික ලග්නය උදාව පවතින අතර ශනි වක්‍රව ලග්නගතව සිටී. ඒ අනුව මෙම ග්‍රහ මාරු සියල්ලක්‌ම සැලකිල්ලට ගැනීමේදී කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ රවි රාහු සමඟ යෝගව 6 වැන්නේත්a, සඳු 12 ත් තැන්පත් වීම අප රට පැත්තෙන් බැලූ කළ යම් පමණක අසුබවාදී ග්‍රහ තත්ත්වයකි. මේෂ ලග්න ලෝකායතන කේන්දරය අනුව රවි රාහු සමඟින් 4 වැන්නේ තැන්පත් වන අතර සඳු 11 වැන්න හෙවත් අයස්‌ථානයේ තැන්පත්ව සිටී.

ඒ අනුව මෙම ප්‍රධාන ආලෝක ග්‍රහයන් දෙදෙනාගේ ග්‍රහ ගෝචරය සලකා බැලීමේදී විශේෂයෙන් මෙම ග්‍රහ මාරුව රාජ්‍ය පාලක ඇත්තන්ට අයහපත් වනු ඇත. ප්‍රබල බාධා ඇතිවන කාලයකි. රටට ලැබෙන විදේශ ආධාර පහළ යනු ඇත. විදේශිය සහයෝගය මෙන්ම ගෞරවයද අප රට කෙරෙහි මෙම කාලසීමාව තුළ නොලැබෙනු ඇත. සංචාරක ව්‍යාපාරයේ වර්ධනය අඩු වන කාලයකි. නව ආරංචි ගලා එන කාල සීමාවක්‌ වනු ඇත. ඉදිකිරීම් කෂේත්‍රයේ කැපී පෙනෙන පරිහානියක්‌ ඇති වනු ඇත. ජනතාවගේ ලැබීම් අංශය අඩු වන කාලයකි. පසුගිය කාලයේ පැවති කාලගුණ, දේශගුණ විපර්යාස, ළමා හිංසනයන්, රිය අනතුරු, මංකොල්ල, අපරාධ තවදුරටත් මෙම කාලය තුළ දැකගත හැකි වනු ඇත.

එසේම මෙම ග්‍රහ මාරුව මේෂ, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, කුම්භ, මීන යන ලග්න හිමියන්ටත් රවි හා සඳු මහ දශා, අතුරු දශා ගත කරන්නන්ටත් අසුබදායක වනු ඇත. අන් ග්‍රහ හිමියන්ට මධ්‍යම ප්‍රතිඵල දායක වනු ඇත.


කටක රවියේ ලග්න දොළසේ සුබ අසුබ මෙන්න.

මේෂ

ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේ දී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතු වලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරා ගත දේපළ වාසි හිමිවේ.

වෘෂභ

මහන්සියේ තරමට ප්‍රතිඵල ලබා ගත නොහැකිය. ඥතීන් සමඟ හිතවත්කම් ඉහළ යැමට හේතුවනු ඇත. ගැහැණු දරු ලාභ ඇතිවන අතර යම් යම් අංශවලින් සුභයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. ආගමට දහමට නැඹුරුවන කාලයකි. ශරීර සෞඛ්‍යය යහපත් වන අතර ඔබට සමාජයේ ගෞරවය හිමිවනු ඇත.

මිථුන

අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. රැකියා සම්බන්ධ කටයුතු වල දැඩි අර්බුදකාරී තත්ත්ව ඇති වනු ඇත. පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගතවීමේ අවදානමකුත් තියෙනවා. සෙම් රෝග බහුල වන අතර යුගදිවි සමගියට බාධා ඇති වනු ඇත.

කටක

විවාහ ජීවිතයේ කරදර හා බාධා මෙම කාලසීමාව තුළ යම් පමණකට උදාවනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප නොලැ‚ම හා ඔබ කාර්යබහුල වීමට ඉඩ ඇත. සහෝදරයකුට යම් අපලතාවක්‌ පෙනේ. ආදායම් තත්ත්ව පහත වැටීම හා ගේදොර කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත.

සිංහ

ඔබට මෙම කාලය තුළ බලවත් තනතුරු ලැබෙන අතර ප්‍රධානීන්ගේ සිත දිනාගැනීමට අවස්‌ථා උදාවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. විදේශ ගමන්වලට එක්‌විය හැකිය. පවුල් ජීවිතය තුළ පැවති ගැටුම් සමනය වන අතර, තම සහකාරියගෙන් හෝ සහකරුගෙන් ධනය ලැබීමටද හැකිය. පැවති රෝග සුව වන අතර සෞඛ්‍යය තත්ත්වය යහපත්ය.

කන්‍යා

මෙම රවි මාරුවත් සමඟ පසුගිය කාලය තුළ අමනාප වූ හිතවතුන් සමඟ නැවත එකතු වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට අසුභ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය. සහෝදරයන්ට අසුභ වෙයි.

තුලා

සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැ‚මට හැකිය. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵලදායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවීතය තුළ වැය පක්‌ෂය ඉහළ යනු ඇත. එදිනෙදා කටයුතුවලද යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල්වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ ඉදිරි ගමනට යම් යම් බධා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධද ඇතිවිය හැකිය.

වෘශ්චික

ඔබගේ පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය, ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වන අතර අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතුද මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍යය යම් පමණකට පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරුවෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

ධනු

සේවක ගැටළු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. පැවති රෝග වලින් සුවය ලැබේ. ශරීරය පැහැපත් වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. ලොතරැයි ජයග්‍රහන හිමිවන කාලයකි.

මකර

කාලයක්‌ පැවති රෝගාබාධවලින් සුවය ලැබෙන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටුවන කාලයකි. ඉහළ රැකියා හා

රැකියා උසස්‌ වීම් මෙන්ම නව රැකියා අවස්‌ථා උදාවනු ඇත. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට ට අපලතාවක්‌ පෙනේ. ලැබීම් අඩාල වන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.

කුම්භ

ඔබගේ ජනප්‍රියතාව ඉහළ යන කාලයකි. රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ දී සිත යොමු වේ. පැවති නඩු හබවලින් පහසුවෙන් ජයගත හැකිය.

මීන

හදිසි ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඔබට ප්‍රසිද්ධිය හා කීර්තිය ලැබෙන කාලයකි. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රනීත රසමුසු ආහාරද ලැබීමේ හැකියාව පවතී.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.


ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌. කල්පගේ


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks