142 Views  
ග්‍රහ ලොව සුරතලිය වෘෂභයෙන් මිථුනයට

මිථුන, තුලා, මකර, කුම්භ යන ලග්නවලට පෙර පින උදා වනු ඇත.

අප සෞරග්‍රහ මණ්‌ඩලයේ නව ග්‍රහයන් අතරින් ගුරුට පසු සුබම ග්‍රහ තාරකාව වන ග්‍රහලොව සුරතලිය නැතහොත් ඉරබට තරුව ලෙස හඳුන්වන සකල කලා වල්ලභ ගුරු පුත්, ශූක්‍ර නොහොත් සිකුරු ග්‍රහයා එළඹෙන ක්‍රි.ව. 2017 ජූලි 26 බදාදා සවස 04.57 ට බුධට අයත් මිථුන රාශියට පිවිසෙනු ඇත. ඒ අනුව සිකුරු ග්‍රහයා එතැන් සිට 2017 අගෝස්‌තු 21 වන සඳුදා පෙ.ව 10.53 ට කටක රාශි ගත වන තුරු එම මිථුන ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. මෙම සිකුරු මාරුව විශේෂයෙන් මිථුන, තුලා, මකර, කුම්භ යන ලග්න 4 ට විශේෂයෙන් සුබදායක වනු ඇත. එම ලග්න හිමියන්ටත්, වෘශ්චික ලග්න හිමියන්ටත් පෙර පින පෑදෙන කාලසීමාවක්‌ වන අතර ඔවුන්ගේ රැකී රක්‌ෂා කටයුතු මෙන්ම ආදායම් තත්ත්වයන්ද ඉහළ යන කාලයක්‌ ලෙස මෙම කාලසීමාව පෙන්වා දිය හැකිය.

මෙම ග්‍රහ මාරුව හේතුකොට ගෙන මාසයකට වැඩි ඉදිරි කාල සීමාව තුළ පසුගිය කාලයේ රට තුළ පැවති නියං තත්ත්වයේ අඩු වීමක්‌ සිදුවනු ඇත. එසේම වැසි තත්ත්වයේ වර්ධනයක්‌ වන අතර, ගං වතුර හා කාලගුණ වෙනස්‌කම් ද බහුල වනු ඇත. විශේෂයෙන් නඵ නිළියන්, ප්‍රසිද්ධ කලා කරුවන් හා ස්‌ත්‍රීන්ට මෙම කාලසීමාව අසුබදායකය. එසේම තරුණ තරුණියන් අතර පෙA්‍රම සමබන්ධතාවලට බාධා හා අවහිරතා ඇති වේ. විවාහ ආශ්‍රිත කටයුතු මෙන්ම රෙදිපිළි හා විසිතුරු භාණ්‌ඩ, සුවඳ විලවුන් මෙන්ම කලාවට සම්බන්ධ කටයුතුවලට මෙම ග්‍රහ මාරුව ආශ්‍රිත කාලය අසුබදායක වනු ඇත. රටට උදාවන විදෙස්‌ සම්බන්ධතා හා එම රැකියා අවස්‌ථා වැඩි දියුණු වන කාලයකි.

පොදුවේ ලග්න වශයෙන් ගත් කළ සිකුරු මිථුනයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප්‍රතිඵල උදා වනු ඇත.

මේෂ - එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක්‌ දක්‌නට ලැබේ. උසස්‌ කෙනෙකු හෝ අසල් වාසීන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්‌ථා ඇතිවිය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල් වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධාද ඇතිවිය හැකිය.

වෘෂභ - ඔබට මෙම කාලසීමාව යහපත් වනු ඇත. එසේම මෙම කාලයේ නෑයෙක්‌ හෝ හිතවතුන් සමඟ අමනාප වීමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ණයක්‌ ලැබෙයි. කාර්යබහුල කාලයකි. සහෝදරයන්ට සුබ වෙයි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්‌විය හැකිය.

මිථුන - ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමිවනු ඇත. පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. පසුගිය දිනවල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරුවෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

කටක - පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. මෙම කාලසීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. පසුගිය දින වල පැවති බාධා යම් පමණක ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස්‌ අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලුතින් අරඹන කටයුqතු මේ කාලයේ සාර්ථක වේ. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

සිංහ - ඔබගේ සමාජ පිළිගැනීම ප්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවති කරදර හා බාධා මෙම කාලසීමාව තුළ පහවයනු ඇත. හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවයක්‌ පෙනේ.

කන්‍යා - මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි. මෙතෙක්‌ කාලයක්‌ අඩාලව පැවති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවක්‌ පෙනේ. ලැබීම් නොසිතූ ලෙස ඉහළ යන කාලයකි. දේශපාලනයේ නිරත අයට සුබදායක වනු ඇත.

තුලා - ඔබගේ තුලා ලග්නයේ ලග්නාධිපති සිකුරු මිථුනයේ ගමන් කිරීම මත සතුරු කරදරයකින් ජයගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ හා රැකියා අවස්‌ථාවක්‌ ලැබීමටද හැකියාව ඇත. මුත්‍රා අමාරු හෝ සෙම් රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක්‌ අත්වේ. ගෘහ ජීවීතය තුළ අය පක්‌ෂය ඉහළ යනු ඇත. ධන ලාභ හිමිවන කාලයකි.

වෘශ්චික - හදිසි ගමන් බිමන් යැමට නිතර අවස්‌ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. ඇස්‌වහ කටවහ දෝෂ හටගැනීමේ ප්‍රවනතාවක්‌ ඇත. රෙදිපිළි හා වස්‌තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්‌ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේ දී ප්‍රනීත රසමුසු ආහාරද එතරම් නොලැබීමේ හැකියාව පවතී.

ධනු - ඇස්‌ රෝග හා මුත්‍රා අමාරු ඇතිවිය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍ය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුඵවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා. මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. නමුත් ආදායම් තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමි වේ.

මකර - මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස්‌වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.

කුම්භ - මෙම කාලය තුළ ගෘහ ජීවිතය තුළ අය පක්‌ෂය ඉහළ යනු ඇත. ධන ලාභ හිමිවන කාලයකි. මෙම කාලය සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්‌ථාන බිය ඇති වනු ඇත. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේ දී සිත යොමු වේ. තරග විභාග වලින් ජය හිමිවනු ඇත.

මීන - පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. රෝහල් ගතවීමේ අවධානමකුත් තියනවා. සෙම් රෝග බහුල වන අතර යුග දිවි සමගියට සුබදායක නොවනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය අසුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමිවන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශවයෙන් දායාද හිමිවනු ඇත.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේ දී පිහිටී නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන්, හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම,
සම්පත් එස්‌. කල්පගේ


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks