76 Views  
හදහනේ එය ලියා තිබේ
ඔබට නීතිමය ගැටලුවක්‌ද ?


සමාජයේ බොහෝ පුද්ගලයන්ට විවිධ ගැටලු මතු වේ. වර්තමාන සමාජ ජීවන රටාව අනුව ඒ ගැටලු විස¹ගන්නට ලිච්ඡවි රාජ සංකල්පය ගැලපෙන්නේ නැත. ලිච්ඡවි රජ දරුවන් එකට රැස්‌වී එකට සාකච්ඡා කොට ගැටලු විස¹ගත් බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. ඒත් එදා ලිච්ඡවී රජ දරුවන් අනුගමනය කළ ක්‍රියා මාර්ගය ඉන් පසුව කිසිදාක ක්‍රියාත්මක වූ බවක්‌ දැනගන්නට නැත. ඒ නිසා බොහෝ ගැටලු විස¹ගන්නට වන්නේ පොලිසිය, උසාවිය සමථ මණ්‌ඩලය ආදි නීති ගැටලු විසඳන තුන්වන පාර්ශ්වයක්‌ හරහාය. මෙහිදී බොහෝ දුරට විත්තිය අසරණ වේ. ඊට හේතුව වන්නේ පැමිණිලි පක්‌ෂය බොහෝ දුරට පොලිsසිය හෝ රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනයක්‌ වීමය. පෞද්ගලිකව නඩුවලදී නම් මෙය තරමක්‌ වෙනස්‌ය. එහිදී පැමිණිල්ල අසරණ වන අවස්‌ථාද ඕනෑ තරම් ඇත. නීතිය සාධාරණ වූවත් නීතියේ ඇස්‌ බැඳ වසා ඇති නිසා නීතිය ගැන තර්ක කරන නීතිඥ මහතුන්ගේ දක්‌ෂතා මත හෝ අනෙකාගේ මුදල්වලට හෝ සමාජ බලය අනුව ලැබෙන තීරණ වෙනස්‌වීම ගැන නීතිය හා අධිකරණය සම්බන්ධ කටයුතු නිසා ඒවා ගැන අපි මුනිවත රකිමු. අධිකරණයට අපහාස කළැයි උසාවි යැමට නොහැකි නිසා ඒ ගැන නොව අපගේ ජ්‍යෙdතිෂ හා ගුප්ත විද්‍යාවට අදාළ දේ ගැන පමණක්‌ කතා කරමු.

උපතින්ම අපගේ ඡන්මපත්‍රයේ බොහෝ දේ ලියා ඇත. දරුවෙක්‌ උපදින අවස්‌ථාවේ සකසන ජන්මපත්‍රය වැදගත්ය. එය කෙන්ද්‍රය, කේන්දරය, හඳහන, වේලාපත්කඩ ආදී නාමයන් ගෙන් හැඳින්වූවද ඒ සියල්ලෙන්ම එකම අරමුණක්‌ සිදු කෙරේ. එනම් ඒ උපන් දරුවා මියයන තුරු ඔහුට හෝ ඇයට බලපාන සුබ සහ අසුබ සිදුවීම් පැහැදිලි කරදීමයි. "අපල" "දෝෂ" යනුවෙන් මෙය හැඳින්වේ. අපල ගැන පමණක්‌ නොව සථල හොඳ ගැන ද ජන්මපත්‍රයේ සටහන්ව ඇත. පුද්ගලයකුගේ අධ්‍යාපනය, රැකියාව, විවාහය, වාහන, නිවස, දරු සම්පත් ආදිය මෙන්ම ඇතිවිය හැකි රෝගාබාධ පමණක්‌ නොව නීති ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවේ ද ඒ නිසා සිරදඬුවම් ලබන්නට සිදුවේද?. ඒ පිළිබඳවද අපට ඡන්ම පත්‍රයෙන් සොයාගත හැක. කෙනෙකුගේ "නිවැරදි ජන්මපත්‍රය ඉතාම බලවත්ය. මෙහිදී මා නිවැරදි යන්න විශේෂයෙන් සඳහන් කරන්නේ ඇතැම් අවස්‌ථාවල අපට ලැබෙන ජන්මපත්‍ර සදොස්‌ය. එය ජ්‍යෙdතිෂවේදීන්ගේ වරදක්‌ම යෑයි මා නොපවසමි. ඔබ ඔහු හෝ ඇය වෙත ලබාදෙන දත්ත වැරදි නම් ජන්ම පත්‍රයද වැරදිය. බොහෝ දෙනා උපන් දිනය උපන් වේලාව සඳහන් කළද උපන් ප්‍රදේශය සඳහන් නොකරති. එවිට ඇතැම් අවස්‌ථාවල ජන්මපත්‍රය සදොස්‌ විය හැක. එසේම ලිවීමේදී ඇතිවන අතපසුවීම් ආදිය නිසා මේ දොaෂ සිදුවේ. ඒ නිසා බොහෝ ජ්‍යෙdතිෂ මහතුන් අලුතින් ජන්මපත්‍රයක්‌ නිර්මාණය කර පැරණි ජන්ම පත්‍රය හා සැසඳීම සිදුකරති. එවිට දොස්‌ නිදොස්‌ කරගන්නට හැකියාව ලැබේ.

ජන්මපත්‍රයෙන් බොහෝ දේ මෙන්ම යමෙකුට නීති ප්‍රශ්න ඇතිවේද? ඒවායින් සිරදඬුවම් ලැබේද ආදී කරුනු තීරණය කරගත හැකිය. විශේෂයෙන්ම ජන්මපත්‍රයේ දොළොස්‌ වන රාශියත් හයවන රාශියත් අටවන රාශියත් මේ සඳහා වැදගත් වේ. ඒ ඒ රාශිවල සිටින ග්‍රහයින් හා ඒවාට ගෝචර ග්‍රහයින්ද ජන්මියා ගතකරන මහ දශා සහ අන්තර් දශා ආදිය ගැලපීමෙන් මේවා විස¹ගත හැක. මේ ලිපියෙන් නීති ප්‍රශ්න ඇතිවන ආකාරය සටහනක්‌ ලබා නොදෙන්නේ අත්‍යවශ්‍ය භයක්‌ කරදරයක්‌ ඔබගේ සිත් තුළ ඇති කිරීම නුසුදුසු නිසාය. දක්‌ෂ ජ්‍යෙdතිෂ මහතුන්ගෙන් ජන්ම පත්‍ර පරීක්‌ෂා කිරීමේදී අවශ්‍ය නිවැරදි තොරතුරු දැනගත හැක.

ජ්‍යෙdතිෂ විද්‍යාවෙන් නීති ප්‍රශ්න ඇතිවන්නේද නැද්ද? යන්න කල්තියාම දැනගන්නට ලැබුණද ඒවාට විසඳුම් ලබාගත හැක්‌කේ ගුප්ත විද්‍යාවෙනි. ජ්‍යෙdතිෂ විද්‍යාවත් ගුප්ත විද්‍යාවත් නිවුන් සහෝදරයන් වැන්න. වර්තමානයේ අවාසනාවකට මෙන් ජ්‍යෙdතිෂ විද්‍යාව දන්නා ඇතැම් ජ්‍යෙdතිෂවේදීන් ගුප්ත විද්‍යාව නොදනී. එසේම ගුප්ත විද්‍යාව සිදුකරන අය ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව නොදනී. මෙය ගැටලුවකි. ඔරලෝසුවක පැය කටුව සහ විනාඩි කටුව මෙන් මේ දෙකම එකට යාවිය යුතුය. එක්‌ අයකුගෙන් ජන්මපත්‍රය පරීක්‌ෂා කරවා බලා වෙනස්‌ අයකුගෙන් ගුප්ත විද්‍යා විසඳුම් ලබාගැනීම එතරම් සාර්ථක ක්‍රමයක්‌ නොවේ. රෝගය තීරණය කරන වෛද්‍යවරයාම රෝගයට නියමිත ඖෂධ හා ඖෂධ මාත්‍රාව තීරණය කළ යුතුයි.

ජනමාධ්‍ය මගින් දැනගන්නට ලැබෙන පරිදි උසාවිවල ඇති නඩුවලින් සියයට හතළිහක්‌ පමණ "දික්‌කසාද නඩුය. ඉන්පසු ඇත්තේ නඩත්තු නඩු හා ඉඩම් ආරවුල් නඩුය. විවාහවන්නට පෙර හරිහැටි හඳහන් පරීක්‌ෂා කරවා ගත්තේනම් මේ දික්‌කසාද නඩු හා නඩත්තු නඩු අවම කරගන්නට අවස්‌ථා ඇත. ආදරය, ප්‍රෙAමය, රාගය, විවාහයට අවශ්‍ය දේ වුවත් ඒවා සමබරව යැම සිදුවිය යුතුය.

දැන් මෙසේ නඩු (නීති ප්‍රශ්න) සිදුවූ පසු ඔබට සිදුවන්නේ අවුරුදු ගණනාවක්‌ අධිකරණයේ කල් ගෙවන්නටය. එසේම උපයන මුදලින් වැඩි කොටස නීතිඥ මහත්වරුන්ට ගෙවන්නටය. මෙහිදී ලැබෙන තීන්දුව සාධාරණ වීමට හෝ අසාධාරණ වීමට ඉඩ ඇත. ඊට හේතුව නීතිඥ මහත්වරුන්ගේ දක්‌ෂතාවය සහ ඉදිරිපත් කරන ෂාක්‌ෂිවල ප්‍රමාණවත් බව මතය. ඒ නිසා අප සාධාරණ නිවැරදි වූවත් අපට ඇති පසුබිම මත අවාසිදායක තීරණයත් ලැබෙන්නට ඉඩ ඇත. එසේම අපගේ ග්‍රහබලය අනුවද නීති ප්‍රශ්න ඇතිවීම හෝ නීති ප්‍රශ්නවලින් ගැහැට විඳීම සිදුවිය හැක.

ජ්‍යෙdතිෂයට අනුව බොහෝ දුරට නීති ගැටලු ගැන පෙන්වා දෙන්නේ දොළොස්‌ වන රාශියයි. එය වාස්‌ථානය මෙන්ම විදේශගතවීම ගැනද පෙන්වා දෙන ස්‌ථානයයි. දොළොස්‌වන රාශියට ගෝචරවන අනෙක්‌ රාශිය හයවන රාශියයි. මේ හයවන රාශිය රෝගස්‌ථානය ලෙස සහ සතුරු රාශිය ලෙසද හැඳින්වේ. සතුරු රාශියේ සිටින ග්‍රහයාට අනුව දොළොස්‌වන (අයස්‌ථානය) පාලනය වන අතර දොළොස්‌වන රාශියෙන් හයවන රාශියට දෘෂ්ටිය එක එල්ලේ එල්ල වේ. ඒ නිසා හයවන රාශියේ සහ දොළොස්‌වන රාශියේ පාප ග්‍රහයින් උපතින්ම ඇති අයට නීති ගැටලු ඇතිවීම අනිවාර්ය වේ. මෙහිදී සතුරු පීඩා ගැනද විමසිය යුතුය. සතුරු පීඩා වෙනුවෙන් සෘජුවම සතුරු කරදර කරන අයත් දිය රෙද්දෙන් බෙල්ල කපන අය ගැනද හඳුනාගත යුතුය. ඇතැම් අය මුහුණට මුහුණලා සටන්වදින අතර ඇතැමුන් එකට කා බී සිනාසී වැළඳගෙන මිතුරු වෙස්‌ පෙන්වා සතුරු වැඩ කිරීම බහුලය. එය හඳුනාගැනීමට අපහසුය. ඒ නිසා වරක්‌ ලොව ජනප්‍රියම පුද්ගලයෙක්‌ මිතුරන්ගෙන් මා බේරා ගනිල්ලා යෑයි ප්‍රකාශ කිරීම අපට පුරුදුය. එසේම අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රෙAමදාස මහතා මාගේ ජීවිතය ඝාතනය කළාට කමක්‌ නැහැ. මාගේ චරිතය ඝාතනය කරන්නට එපා. යනුවෙන් පැවසීමද මෙයට අදාල කරගත හැක. කෙසේ වෙතත් දක්‌ෂ ජ්‍යෙdතිෂ මහතෙකුගෙන් ජන්මපත්‍රය පරීක්‍ෂා කර ගැනීම මගින් තමාට කෙදිනක හෝ නීති ප්‍රශ්න ඇතිවන්නේද යන්න වටහා ගත හැක.

කෙසේ වෙතත් දැන හෝ නොදැන ඇතිවූ සිදුවීමක්‌ නිසා නීති ප්‍රශ්නයක්‌ ඇතිවූ විට අප කරන්නේ අපගේ වත්කමට අනුව නීතිඥ මහතෙකු තෝරා ගැනීමය. අනෙක්‌ පාර්ශ්වයද එවැන්නක්‌ම සිදු කරනු ඇත. එවිට තරගය කරට කර යනු ඇත. සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් "තර්කය" හා "සාක්‌ෂි මත" තීරණය තීරණය වනවා ඇත.

මෙවැනි අවස්‌ථාවල "තමා සාධාරණනම්" ඔබට ගුප්ත විද්‍යාවවේ පිහිට ලබාගත හැක. තමා "අසාධාරණ නම්" නීතිය මෙන්ම ගුප්ත විද්‍යාවද ඔබට විරුද්ධ වීම අත්‍යවශ්‍යය. ඒ නිසා තමා සාධාරණයක්‌ ඔබට ජ්‍යෙdතිෂ්‍ය මෙන්ම ගුප්ත විද්‍යාවේද සරණ ලබාගත හැකිය. මෙහිදී අපට කළ හැකි මාර්ග දෙකක්‌ ඇත. නීති ගැටලුවලදී මෙන්ම සම්මුඛ පරීක්‌ෂණ උසස්‌ පුද්ගලයන් ඇසුරට යැම ආදි අවස්‌ථාව දෙකදීම අන්‍යයාගේ සිත් තමා වෙත ආකාර්ෂණය කර ගැනීම සහ අනෙකා "ගොළු කිරීමයි. ගොළුවීම යනු තමාගේ ඉදිරියේදී අනෙකා මුනිවත රැකීමට සැලැස්‌වීමය. එය ගුප්ත විද්‍යාවේ ආධාරයෙන් සිදුකළ හැක. නමුත් මා මුලින්ම පැවසුවාක්‌ මෙන් තමා සාධාරණය වීම වැදගත්ය. අන්‍යයන්ගේ සිත් ආකර්ෂණය කර ගැනීsමේදී අපට ගතහැකි හොඳම උපකාරය සර්ව ජන වශී යන්ත්‍රය පැළඳ ගැනීම හෝ "මාතාංගේෂ්වරී" යන්ත්‍රය හෝ ඉන් ජීවම් කරන ලද රන්තැඹිලි තෙල් පැළඳවීමයි. ඒ යන්ත්‍ර දෙකෙන් අපට ආකාර්ෂණය ලැබෙන්නාක්‌ මෙන් සතුරාගේ පිළ තමාගේ අවනතයට ගැනීමට සිදුකළ යුත්තේ "සත්දිව්‍ය රාජ" යන්ත්‍රය පැළඳවීමයි. සන්දිව්‍යරාජ යන්ත්‍රය හෝ එම මන්ත්‍රයෙන් ජීවම් කරන ලද රන්තැඹිලි තෙල් හෝ "දිවිතෙල්" පැළඳගැනීම වැදගත්ය. ඒත් පිරිසිදු හා නිවැරදි රන්තැඹිලි තෙල් ජීවම් කොට සත්දිව්‍ය රාජ යන්ත්‍රය පැළඳීම සතුරා පරාජය කිරීමට උපකාරී කරගත හැක. එහිදී සත් දිව්‍ය රාජ මන්ත්‍රයේ ඇති "මම" හා "මට" යන වචන වෙනුවට අවශ්‍ය පුද්ගලයාගේ නම මැතිරිය යුතුය. උදාහරණ සේ මම දිවියකු සේ දිනවා ජයගන්නට යන්න මැතිරීමේ "මම" නොව අදාළ පුද්ගලයාගේ නම යොදා දිවියකු සේ දිනවා ජයගන්නට මැතිරිය යුතුය. නීතිය මෙන්ම ගුප්ත විද්‍යාවද නීති ගැටලුවලදී අත්‍යවශ්‍යය.

වැඩි විස්‌තර නොමිලයේ ලබාගැනීමට 0727430179, 0812085541 අංක අමතන්න


ජ්‍යෙතිෂ විද්‍යා ප්‍රසාදිනී
එස්‌. වීරරත්න


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks