194 Views  
ජයපිට ජය ගෙනෙන ධන සාධක ගණපති යන්ත්‍රය

ධන සාධක ගණපති යන්ත්‍ර යනු සර්ව බලධාරී ගණපති දෙවිඳුන්ගේ ප්‍රබල ශක්‌තිය ඔබ වෙත ළඟා කර ගැනීමටත් ඒකාන්තයෙන්ම නියත නිසැක ලෙස ඔබගේ රැකියාව, ව්‍යාපාරය, ගොවිතැන, වෙළ හෙළදාම් ඇස්‌පනාපිටම දියුණුව කරා ගෙනයැමටත් අධ්‍යාපනය විභාග අනිවාර්යයෙන් ජය ගැනීමටත් ග්‍රහ අපල සතුරු උවදුරු රාජ බය ඇස්‌වහ, කටවහ දොaෂ දුරු කිරීමටත් ආදී කොටගත් සර්ව ජය ජය ලැබීමට භාවිතා කළ ඉතාම වටිනා යන්ත්‍රයකි. තම පක්‍ෂියා රජ වන සුභ හෝරාවක මෙම යන්ත්‍රය ප්‍රස්‌ථාර ගත කර සඳුන් කල්කයෙන් කළුමැද කුංකුමප්පු කල්කය බුලතකට ගෙන ඒ මත යන්ත්‍රය තැන්පත් කර කිරි පලතුරු පැණි රස බුලත් බැඳි කඩල, පොල්, තැඹිලි. උග්ගස්‌ මල් ආදිය තැන්පත් කොට නිසි ලෙස සාදාගත් මල් යහනක තබා මන්ත්‍රකයා පෙහෙවස්‌ව සුදු වස්‌ත්‍රයෙන් සැරසී කිරි සහිත ආහාරයක්‌ වළඳා ජප මාලාවඅතට ගෙන උස්‌ අස්‌නයක හිඳ විභූතිවලින් චක්‍රයක්‌ ඇඳ ජපය ඇරඹීම නිවැරැදි ක්‍රමවේදයයි.

ජපය

අත්ති ගණපති ආදී ගණපති සිද්ධි ශිව ශිව ගණපති කාරණා ගණපති කාරිය ගණපති කාර්ය කාරණ ගණපති වා වා සර්ව කාර්ය ෂට්‌ ගුරු ගණපති වා වා ඓයුං ගණපති කිලියුං ගණපති සෞවුං ගණපති ශක්‌ති ගණපති වළස්‌ ගණපති වශිය ගණපති එන් ව්‍යමාක එන් මුන් සෝසෙය් වශීs වශී වශීකරන් වශී ශිව ස්‌වාහඃ

සියලු මන්ත්‍ර විධි ශාස්‌ත්‍රානුකූලව ඉටු වියයුතුය. උදේ සවස 1008 බැගින් ජීවම් කිරීමෙන් දින 7 ක දී සිද්ධිය ලබා ගත හැක. එසේ සකස්‌ කරන ලද යන්ත්‍රය වෙළෙඳසල්වල කඩ උළුවස්‌ස, නිවාසවල ප්‍රධාන උළුවස්‌ස ද වාහනවල ඉදිරිපස ද විභාග සඳහා පෙනී සිටින දරුවන්ගේ ගෙළ පැළඳීමෙන් ද ගණදෙවි පිළිම යට තැන්පත් කර පුදසත්කාර කිරීමෙන්ද විශ්මිත ප්‍රතිඵල ලබාගත හැක. වැඩි විස්‌තර සඳහා

078-6107052 අංකයට කථා කරන්න.

ගුප්ත විද්‍යාවේදී
කේ. එස්‌. යෝදින්ගේ


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks