184 Views  
උසස්‌ පෙළ විභාගයට සුබම සුබ නැකත් මෙන්න



උසස්‌ පෙළ විභාගය අත ළඟ. ඉතිං මේ විභාගයට සූදානම් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත්, දෙමාපියන්ටත් මේක තරමක්‌ දුරට හිතට බරක්‌. මොන විභාගයට වුණත් පෙනී ඉන්න කෙනෙකුට මානසික සුවය, සමබරතාව හරිම වැදගත් වෙනවා. එතකොටයි අවධානය, මතක ශක්‌තිය ඇතිවෙන්නේ. අපේ හිත හැම විටම චංචලයි. ඒ හිත නිශ්චල කරගන්න නම් ආගමික පිහිට හරිම වැදගත් වෙනවා.

ඉතිං බෞද්ධයෝ නම් බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා දෙවියන්ට පින් දෙන්න. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශේෂ වන්දනා ක්‍රමයක්‌ තියෙනවා. ඒක තමයි බුද්ධ ඥාන වන්දනාව. බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙකු පවා නොමැතිව ලෝකයේ රහස, සත්‍යය අවබෝධ කරගත්ත. දෙවියන්ටත් ශාස්‌තෘවරයා වුණා. බුදු හාමුදුරුවන්ගේ මේ උතුම් බුද්ධිය ඥානයට වඩා සමකළ හැකි කෙනෙක්‌ බිහිවෙලා නෑ.

මේ නිසා බුද්ධ ඥානය ගැන හිතලා වන්දනා කරනකොට ඔබේ ඥානයත් වර්ධනය වේවි. ඒ වගේම ජ්‍යෙdතිෂය කියන වචනයට මුළා වෙලා එන මිථ්‍යා දෘෂ්ටිත් බහුලයි. පාඩම් කරන්නේ නැතිව විභාග පාස්‌ කරන ගුරුකම් හැම තැනම. මේවට රැවටෙන්න එපා.

දිනපතා බුද්ධ වන්දනාව කරන්න. ටික වේලාවක්‌ මෙත් වඩන්න. දෙවියන්ට පිං දෙන්න. අධ්‍යාපන කටයුතු වලට ඒක ලොකු ශක්‌තියක්‌. විභාග දිනවල උදේට තෙරුවන්ටත්, දෙමාපියන්ටත් වැඳලා පිරිසිදු හිතින් පිටත් වෙන්න. පිටත් වෙන්න සුබ නැකැත් පන්තියක්‌ පහත පළ වෙනවා.

ඔබට විභාගයෙන් විශිෂ්ට ජය ලැබේවා·


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks