59 Views  
පොරොන්දම් ‘අසුබ’ වූවත් දරුපල ලැබේ

මල්වර නැකතෙන් සරු බව පෙනේ රාහු මහ දශාව දරු ගැබට වින කරයි!

යුග දිවියට පා තබන සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ දරුවන්ය. ඒ වාසනාව ග්‍රහ චාරයෙන් මැනවින් විදහා දක්වයි. මොකක්ද ‍ෙම් ග්‍රහ චාරය? තමන් උපන් කේන්දරයේ මූලිකව දැනගත යුතු වන්නේ විවාහය සම්බන්ධවයි. විවාහයක් සිදුවෙනවාද? නැද්ද? ඊළඟට බලන්නේ දෙදෙනකුගේ විවාහ ජීවිතය සැසදෙනවාද? නැද්ද යනුයි. පොරොන්දමේ දී දරුපල ගැන බොහෝ දෙනකු බලන්නේ නාඩි පොරොන්දම් සහ රජ්ජු පොරොන්දම් ගැළපෙනවාද කියාය. එය අසුබ වුවොත් දරුවන් නොලැබේ යැයි සිතයි.

නමුත් වෘක්ෂ නාඩි හා රජ්ජු යන පොරොන්දම් අශුභ වූ පමණින් දරුවන් නොලැබී යාමක් සිදු නොවේ. මන්ද එම පොරොන්දමෙන් අදහස් වන්නේ ලේ සම්බන්ධවයි. ලේ එකම වර්ගයේ වීමෙන් දුබල දරුවන් ඉපදීමට පුළුවන. නමුත් සෑම දෙනාටම නොවේ. අද විද්‍යාවෙන් දියුණු වූ සමාජයක ජීවත්වන නිසා වෛද්‍ය උපදෙස් ගැනීමට පුළුවන. පොරොන්දම් වැඩි ගණනක් ශුභ වූවත් නාඩි පොරොන්දම් අශුභ නම් බියක් ඇති කරගෙන සමහරුන් විවාහය අත්හැර දමයි. දරුපල නොලැබේ දෝයි බියට පත් වේ.

කේන්ද්‍රයක දරුවන් සම්බන්ධව මූලිකව විමසන්නේ පුත්‍රස්ථානය වන 5 වැනි රාශියෙනි. 5 වැන්නේ පාපග්‍රහයකු දුටු පමණින් (කේතු රාහු කුජ ආදී පාපයන් ) දරුවන් නොලැබේ යයි සැක සිතිය යුතු නැත. දරුවන් නැතිව වෛද්‍ය මධ්‍යස්ථානවල පෝළිමේ සිටින කාන්තාවෝ බොහෝය. විශේෂයෙන් ඒ අය තේරුම්ගත යුත්තේ තමන්ගේ උත්පත්ති ග්‍රහබල අනුව දරුවන් ලැබෙනවාද? නැද්ද කියායි.

නමුත් ගුරුට 5 වැන්නේ සතුරු රාශියක් වී සෙනසුරු හෝ කුජ -රාහු දශා වලදී දරුවෝ ඉපදීමෙන් එම දරුවා උගතකු වී ජීවිතයේ මැද භාගයේ දී දෙමාපියන්වත් නොහඳුනන පුද්ගලයකු බවට පත්වේ. ශුභ ග්‍රහයෙකු වන ගුරු ‍හෙවත් බ්‍රහස්පති 5 වැන්නේ සිටීමෙන් සමහරවිට දරුපල ප්‍රමාද වීමට ද පුළුවන. යහපත් දරුවකු බිහි කිරීමට මවගේ කාලය උදා වන තුරු බලා සිටින්නට සිදුවේ. එයට බෙහෙත් අවශ්‍ය නැත. කාලයම ගැටලුව විසඳා දෙයි. ගුරු ග්‍රහයා ගැන පමණක් සඳහන් කළත් ගුරු සිකුරු යෝගය 5 වැන්නේ සිටීමේ දී දරුවන් සම්බන්ධව සුළු අසීරු තත්ත්වයන්ට පත්වීමට ඉඩ ඇත. මේද යෝගය විශේෂිත දරුවන් බිහි කරන යෝගයකි. දරුවන්ගෙන් දෙමාපියන්ට කිසිම කරදරයක් ඇති නොවන අතර දෙමාපියන් කෙරෙහි දරුවන් විශාල බැඳීමක් පෙන්නුම් කරයි. දරුවන් අතර සහෝදරත්වය හොඳින් ආරක්ෂා කරයි. මෙහි අසීරු තත්ත්වය යනුවෙන් සඳහන් කෙළේ දරුපල අතර ප්‍රමාදයකි. නැත්නම් හදිසියේ මවට දරුවන් බිහි කිරීමේදී ඇතිවන ශල්‍යකර්ම ආදියයි.

දෙමාපියන්ගේ දශා කාලයන් විශේෂයෙන්ම දරුවන්ට බලපෑම අති කරවයි. මවට තලබද සෙනසුරු අපල හෝ සෙනසුරු ඒරාෂ්ඨකයන් ද සෙනසුරුගේ මහ දශාව රාහු අතුරු දශා කාලයන්හි බිහිවන දරුවන් දුර්වල දරුවන් වීමට පුළුවන. බොහෝ විට එම අවස්ථාවල උපත ලබන දරුවන්ගේ ග්‍රහ චාරයේ ද එවැනි දුර්වලකම් ඇති වන්නේ කුණු ගොඩට කුණු එකතු වන්නා සේය.

යම් අය සිතන්නේ දෙමාපියන් උගත්නම් දරුවන් ද උගත් වන බවයි. නමුත් ඒ වගේම වන්නේ නැත.උගත් දරුවන් නොමඟ හැරෙන අවස්ථාද බොහෝ ය.දරුපල ප්‍රමාද වීම ගැන විමසීමේ දී කුජ - රාහු හෝ කේතු සමඟ යෝගව 5 වැන්නේ සිටීමත් සෙනසුරු ග්‍රහයා 5 වැන්න දැකීමත් අනුව දරුපල හීන වේ. තවද කුජ -රාහු මහ දශාවන් ගත කරන අවස්ථාවක මේ යෝගය පැවතියේ නම් දරුවන් නොලැබීමේ අවදානමකට භාජනය වේ. යම් අවස්ථාවලදී රාහු ග්‍රහයාගේ මහ දශාව අතර බුධ හෝ සිකුරු අතුරු දශා කාලයේ දරුවන් පිළිසිඳ ගැනීමක් ඇති වීමට පුළුවන.

කුජ 5 වැන්නේ සිට ලග්නාධිපති කුජ වීමත් පවුලේ අඹු සැමියන් දෙදෙනාටම සිකුරු මහ දශාව පවතින විට ඉතා පැහැපත් දරුවන් ලැබේ. දෙදෙනාටම ශනි රාහු දශාවන් ගත කරන විට දරුවන් ලැබෙන්නේම නැත. පොරොන්දම් බැලීමේ දී විශේෂයෙන් බැලිය යුත්තේ දරුපල ඇත්ද? නැද්ද? ශුභ දශාවන් පවතිනවා ද යන කරුණුය. බොහෝ දෙනා පොරොන්දම් බැලීමට මිස මේ කරුණු ගැන සැළකිලිමත් නොවේ. සමහර විට දරුවන් නොලැබීම නිසා විවාහය අසාර්ථක වන අවස්ථාව ද ඇත.

ගැහැනු දරුවන්ගේ මල්වර නැකැත අනුව එම අවස්ථාවේ පවතින නැකත් ග්‍රහ පිහිටීමක් අනුව දරුපල ගැන ද විශේෂයෙන් දැනගත හැකිය. වැඩිවියට පත්වන දැරිය‍ගේ ග්‍රහ පිහිටීම අනුව උපතේ දී බලපෑ ග්‍රහ යෝග වෙනස්වීමට පුළුවන. උපතින් දරුපල හීන වුවත් මල්වර නැකත අනුව දරුවන් ලැබීමේ වාසනාව ද ඇත.

විවාහ වූ සැණෙකින්ම දරුවන් බලාපොරොත්තු වූවත් දශා අනුව ප්‍රමාද වී දරුවන් ලැබේ. රාහු මහ දශාවෙන් විවාහ වූ කාන්තාවකට දරුවන් ලැබුණේ විවාහ වී වසර 12කට පසුවයි. ඇයගේ කේන්ද්‍රයේ පාපග්‍රහයින් පුත්‍රස්ථානය වන 5 වැන්නේ සිටියේ නැත. නමුත් දශාව අනුව දරුපල ප්‍රමාද විය. ස්වාමියාගේ කේන්ද්‍රරයේ ගුරු මහ දශාව පැවති බැවින් උසස් දරුවන් ලැබීමේ වාසනාව හිමි විය.

කුජ - ශනි රාහු යෝගය 8 වැන්නේ හා 5වැන්නේ පිහිටීම ගර්භාෂයේ පීඩා ඇති කරන තත්ත්වයකි. ඒ නිසා දරුවන් ලැබීමට ප්‍රථම පවා කාන්තාවන්ට ගර්භාෂයේ ශල්‍යකර්ම කිරීමට සිදු වේ. එවැනි අයට ද දරුපල ප්‍රමාද කරයි. තවත් සමහර කාන්තාවන් වඳභාවයකින් උපත ලබයි. ඒ අයට වෛද්‍ය ප්‍රතිකර්ම වලින් පවා දරුවන් ලබා ගැනීම අපහසු වේ. තවද පරම්පරාවල පවතින දරුපල හීනතාව නිසා දරුවන් පිළිසිඳ ගැනීම අඩු වේ. ගර්භාෂයේ උපතින් ඇතිවන විකෘති ග්‍රහ පිහිටීම අනුව දැනගැනීමට පුළුවන.



Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks