131 Views  
දැතේ සවියෙන් ජීවිතය
ජයගන්නා දෛව අංක හතර හිමියෝ


අංක විද්‍යාවෙන් ඔබේ දෛවය යටතේ පසුගිය නැකතින් දෛව අංක 3 හිමි අයගේ ජීවිත තොරතුරු විස්‌තර කළා ඔබට මතක ඇති. එයට අදාළ ජීවන තොරතුරු කොතෙක්‌ දුරට සත්‍යද යන්න අංක 3 හිමි අය මේ වන විට තීරණය කර ඇති. අපි හිතනවා එම තොරතුරු බොහෝ දුරට ඔබේ ජීවිතයට ගැලපී ඇතැයි කියා. මෙවර ඉදිරිපත් කරන්නේ දෛව අංක 4 හිමි අයගේ ජීවන තොරතුරු පිළිබඳවයි.

ද්‍රව්‍ය තලයේ අංකයක්‌ වන අංක 4 පෙරදිග ජ්‍යෙdතිෂයෙහි ඉන්ද්‍ර නම් ග්‍රහයා විසින් හඳුන්වනු ලබන යුරේනස්‌ගේ බලයට යටත්ව ඇත. දෛව අංක 4 මෙතෙක්‌ විස්‌තර කළ අංකවලට වඩා හාත්පසින්ම වෙනස්‌ ගති පැවතුම්, දැතේ දස්‌කම් හා කාර්මික දැනීමක්‌ ද ඇති ලෞකික දියුණුව ගැන දැඩි උත්සාහයක්‌ දරන ක්‍රියාශීලී ගුණාංගවලින් සමන්විත වෙයි. රටක ආර්ථික දියුණුව හා සංවර්ධනය නඟා සිටුවීමට අතහිත දෙන අලසකමින් තොරව රටට ජාතියට වැඩදායක නායකයන් මෙම අංකයෙන් බිහිවන බව සඳහන් වෙයි.

දෛව අංක 4 න් ජනිත වූ අය උපතින්ම කාර්මික දැනුමක්‌ ඇති සමාජය පිළිබඳව මනා අවබෝධයක්‌ ඇති අය වේ. එමෙන්ම අන් අයගේ සිතේ ඇති අදහස්‌ දැනගැනීමේ සියුම් ඥණයක්‌ ඔවුන් තුළ ඇත. තමාවෙත පැමිණෙන අය zඔය එන්නේ අසවල් කාරණයට යෑයිZZ දැනෙන ඉවක්‌ මොහුට ඇත. දැඩි උත්සාහයෙන් දියුණුවට පත්වෙන කඩිසර ඉරියව්වලින් යුත් ඔවුන් ධනවත් වීමේ ආශාවෙන් හැමවිටම ක්‍රියාකාරී වන්නෝය. අරපරෙස්‌සම පිළිබඳව වැඩි උනන්දුවක්‌ දක්‌වන මොවුන් තුළ ලෝභී බවක්‌ පෙන්නුම් කළත් ආගන්තුක සත්කාරවලට ඉමහත් ලැදිකමක්‌ දක්‌වති. උපයන මුදල් සකසුරුවම් ලෙස මෙන්ම ක්‍රමානුකූලව ප්‍රයෝජනයට යොදවයි. කිසි විටෙකත් අන් අයගෙන් උදව් උපකාර බලාපොරොත්තු නොවන මොවුන් නිවහල් ස්‌වාධීන ගතිපැවතුම් වලින් යුක්‌තය. තමන් හැදිල එපා යෑ අනුන් හදන්නේ යන හැඟීමෙන් කටයුතු කරන්නෙකි. පරාර්ථකාමි බවක්‌ මෙයින් අදහස්‌ නොකරන අතර තම දියුණුව ගැනම වැඩියෙන් සිතා නිතර වෙහෙස දරන බවයි එයින් අදහස්‌ කරන්නේ. තමන්ට හොඳින් කතා කරන අයට මොවුන් ඉතාමත් හොඳින් සලකයි. එසේම මොහුට යමෙකු එපා වූයේ නම් සදහටම ඔහු අතහැර දැමීම සිරිතය. ආරම්භ කළ කාර්යක්‌ ලෙහෙසියෙන් අත් නොහරින මොවුන් එය නොනවත්වාම ඉදිරියට කරගෙන ගොස්‌ කටයුතු සාර්ථක කර ගනී. නීති ගරුක භාවය හා අවංක බව ඔවුන් තුළ කැපී පෙනේ. හිතවත් අයට ඒ ආකාරයටම සලකයි. කණ්‌ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියා කිරීමේ හැකියාව ඇත. බැංකු කටයුතු, වාණිජ්‍ය, පරිපාලනය, ගිණුම්කරණය සංවිධාන කිරීම් ඉදිකිරීම් ක්‌ෂේත්‍රය, කෘෂිකර්මය විද්‍යාව පමණක්‌ නොව නීතිය ආදී බොහෝ ක්‌ෂේත්‍ර පිළිබඳවද උපන් හැකියාවක්‌ ඔවුන් තුළ ඇත. පරිපාලනයේදී තරමක දරදඬු ස්‌වභාවයක්‌ ඔවුන් කෙරෙහි ප්‍රකට වෙයි. සාර්ථක විවාහ ජීවිතයක්‌ ගතකිරීමේ වාසනාව ඇත. එසේ වුවත් තමන්ට නොගැලපෙන අයෙක්‌ හමුවුණි නම් ඇය අතහැර දැමීමටද පසුබට නොවේ.

දෛව අංක 4 න් ජනිත පුද්ගලයා හොඳ ආර්ථික නුවණක්‌ මෙන්ම කාර්මික දැනුමක්‌ද ඇති අයකු බැවින් මොවුන් හට ව්‍යාපාර හා යන්ත්‍ර සූත්‍ර පිළිබඳ රැකියාවක්‌ කිරීමට විශේෂ පිහිටීම් ඇත. සමාජයක නම් ආර්ථික විද්‍යාඥයන් මෙන්ම දක්‌ෂ ඉංජිනේරුවෝද මෙම අංකයෙන් ඉපදී ඇත. සාමාන්‍ය ජනයා අතර අංක 4 හිමි අය බොහොමයක්‌ වෙළෙ¹ම ජීවනෝපාය කරගෙන සිටින අතර සමහරෙක්‌ විදුලි කාර්මික වැඩ, ඔරලෝසු අලුත් වැඩියාව, වඩු වැඩ, මුද්‍රණ ශිල්පය, මෝටර් කාර්මික වැඩ, ඇඳුම් මැසීම, යතුරු ලියනය ආදී කාර්මික අංශයේ විවිධ කාර්යන්හි නිරතවී සිටී. ගුරු වෘත්තියේ යෙදුනොත් කාර්මික ගුරුවරුන් ලෙසටද පත්වෙති. කවර රැකියාවක යෙදුණත් ඉහත සහජ දක්‌ෂකම් සුළුවෙන් හෝ පිහිටීම අංක 4 හිමියාගේ විශේෂ ලක්‍ෂණයක්‌ වනු ඇත.

දෛව අංක 4 හිමියාගේ ජීවිත කාලය තුළදී ශුභඵල උදාකරන වර්ෂ 67% කි. ඉතිරි කාලය එනම් 33% වර්ෂ කාලය අශුභ කාලය වෙයි. සුභදායක වර්ෂ අතුරින් මොහුගේ වයස 22 ඉතා වැදගත් විශේෂ සිද්ධියක්‌ වීමට බොහෝ දුරට ඉඩ ඇත. වයස 22 සිට 26 දක්‌වා ආදරය පිළිබඳ බලවත් හැඟීමක්‌ ඇතිවන කාල සීමාවකි. වයස අවු. 36 දී ද අමතක නොවන සිදුවීමක්‌ සිදුවිය හැක. වයස 42 දී ද ඒ හා සමාන සිදුවීම් ඇතිවෙයි. වයස 41 සිට 45 දක්‌වාත් 55 සිට 64 දක්‌වාත් අපල උපද්‍රව ආදියෙන් මිදුන භාග්‍යවත් කාලයක්‌ වනු ඇත.

අංක 4 න් උපන් පුද්ගලයා වයස අවුරුදු 15 දී කිසියම් ප්‍රේම සම්බන්ධයකට පැටලිය හැක. එය වයස 16 දී බිඳී යනු ඇත. අවුරුදු 20 දීත් ඒ හා සමාන කරුණකට සිත් යෙදේ. එම කාල සීමාව මංගල කාලයක්‌ වුවත් 21 වන විට එයද වෙනස්‌ වීමට හේතුවේ. නියත වශයෙන්ම වයස අවු 26 දී විවාහය සිදුවෙයි. යම් හෙයකින් එය වැරදුණහොත් පසුව මංගල යෝගයක්‌ උදාවන්නේ වයස අවුරුදු 34 දීය. මෙම අංකයෙන් උපන් අයට අපල ගෙන දෙන වර්ෂ වනුයේ 4, 7, 9, 13, 14, 21, 27, 28, 32, 33, 35, 40, 47, 49, 51, 54, 65, 66, 68, 70, 71, 73, 75, 79, 84, 85, 87, 90, 92, 98, 99. ඉහත සඳහන් වර්ෂයන්හිදී බලාපොරොත්තු කඩවීම්, චිත්ත පීඩා, රෝග භය, සතුරු උපද්‍රව, අලාභ හානි වස්‌තු විනාශ වීම් ආදී විවිධ කරදරවලට මුහුණදීමට සිදුවනු ඇත.

මෙම අංකයෙන් උපන් අයට සෑම මසකම 4, 13, 22, 31 ශුභඵල දායකය. එහෙත් එදින පාලන දින ගුප්ත අංකයට ඔත්තේ ගණනක්‌ යෙදුණොත් එම ශුභඵල හීනවනව බව දත යුතුය.

1972.10.02 දා ගුප්ත අංකය 4

මෙදින ඉතා සුභ දිනයක්‌ වේ. එහි සියලුම අංකවල එකතුව 22 ක්‌ වී අංක 4 ලැබී ඇත. එදා දින අංකය 2 බැවින් විෂට වී නැත. ඒ අනුව ශුභ දිනයකි. මේ හැර මෙම අංකයෙන් උපන් අයකුගේ උපත මාසයේ ඔත්තේ ගණනකට අයත් දිනකදී සිදු වී ඇත්නම් ඔත්තේ දිනවල විෂමතාවය මඟහැරෙනු ඇත.

අංක 4 හිමියාගේ නමට ශබ්ද අංක 4 ක්‌ හෝ 13 ක්‌ තිබීම යෝග්‍ය වේ. ශබ්ද අංක 8 ක්‌ හෝ 4 ක්‌ ඇති නම්ද යෝග්‍ය වේ. දෛව අංක 4 ලබා ප්‍රසිද්ධියට පත් වූ ප්‍රභූන් කීප දෙනකුගේ නම් හා ඔවුන්ගේ උපන්දින කීපයක්‌ පහත සඳහන් කරමි. ඔවුන්ගේ ජීවිත තොරතුරු අංක 4 ට අදාළ වන ආකාරය ඔබටම තේරුම් ගත හැකි වනු ඇත.

අනුර බණ්‌ඩාරනායක -1949.02.15 } 31 දෛව අංකය 4

පූජ්‍ය හේන්පිටගෙදර ඥණසීහ හිමි - 1909.12.18 } 31 දෛව අංකය 4

විදේශික රොබට්‌ නොක්‌ස්‌ මහතා 1941.01.06 } 22 දෛව අංකය 4

වැඩිදුර විස්‌තර සදහා දු. අංක - 0112419574 /071-6212020.

හිඹුටානේ පියතිලක ද අල්විස්‌
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය.


Wmqgd .ekSu weiqfrks