157 Views  
අගෝස්‌තුවේදී කුජ ගේ සෙල්ලම් සල්ලංවේ
අපල - දුබලවලට පිළියම් මෙන්න...



අගෝස්‌තු මාසයේ 27 වෙනිදා දක්‌වා ග්‍රහලොව සෙන්පති ලෙස හඳුන්වන කුජ හෙවත් අ`හහරු ග්‍රහයා කටක රාශියේ නීචනොවී දුර්වලව ගමන් කරයි. සෙන්පති වශයෙන් මෙම ග්‍රහයා හඳුන්වන්නේ උත්සාහය ධෛර්ය නොපසුබස්‌නා බව, සටන්කාමී බව කුජගෙන් නිවේදනය වන බැවිනි.

ඔබේ කේන්ද්‍රයේ කුජ බලවත් නම් ඔබතුමන්ලාගේද මේ ගතිගුණ කැපී පෙනෙනවා ඇත. එවැනි අය තම අරමුණ කරා කෙසේ හෝ ගමන් කරන දිරිමත් වූ අය වෙති. වෘශ්චික හා මේෂ ලග්නවලට අධිපතිත්වය දරයි. මකර රාශියේ උච්ඡව බලවත් වන අඟහරු කටකයේ නීච වෙයි. පසුගිය සතියේ ලිපියකින්ද අපි කුජ දුර්වලවීම ආරක්‍ෂක අංශවලට අපල බව දැක්‌වීමු.

එම කේන්ද්‍රවල කුජ බලවත්ව පිහිටි අයගේ වුවද මේ දිනවල කුජ දුර්වලව ගමන් කරන නිසා තරමක අපල ඇතිකරන බව කිව යුතුය. ක්‍ෂණික කෝපය නිසා ඇති වන අපරාධද, කාමාපරාධ ආදියද කුජගේ මෙහෙයවීම යටතේ සිදුවේ.

කෙසේ නමුත් කුජ හෙවත් අඟහරු ග්‍රහයා ඔබේ කේන්ද්‍රයේ ඇතිකරන බලපෑම හා අපලවලට කළයුතු පිළියම් ගැන මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

ඔබ ධෛර්යමත් කෙනෙක්‌ ද? නොපසුබටද? තම ඉලක්‌ක කරා යන ගමනේ දී බාධක කොතරම් පැමිණියත් ඒවා මැඬගෙන ඉදිරියටම යනවා ද? වීර්යය, උත්සාහය තිබේද? එසේ නම් ඔබේ කේන්ද්‍රයේ කුජ බලවත්ව තිබේ. නුපුළුවන්කම වනාහී මෝඩයන් ගේ හා කම්මැලිsයන්ගේ ශබ්දකෝෂවල පමණක්‌ හමුවන වචනයක්‌ යෑයි නැපෝලියන් හිල් පවසා තිබේ. මෙම වැකිය වඩාත්ම ගැලපෙන්නේ කුජ බලවත් අයට ය. මක්‌නිසාදයත් එවැනි අය සටන්කාමීහුය. ලෝක ප්‍රකට නායකයන්, වෘත්තීය සමිති මෙහෙයවන අය, දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරුන්, පොලිස්‌ නිලධාරීන්, යුද්ධ සේනාධිපතීන් වැනි අයගේ කුජ බලවත් වෙති. කියුබාවේ නායක පිදෙල් කස්‌ත්‍රො, ඉන්දියාවේ හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි, එංගලන්තයේ චාර්ල්ස්‌ කුමරු මෙන්ම ලංකාවේ හිටපු අගමැති ඩී. එස්‌. සේනානායක යන අයගේ කේන්ද්‍රවල මෙම පිහිටීම තිබුණි.

කුජ හෙවත් අඟහරු (ඵ්රි) ග්‍රහලොව සෙන්පතියා හෙවත් චණ්‌ඩියා යන විරුදාවලිය ලබන අතර රෝමවරුන් හැඳින්වූයේ යුද්ධයේ දෙවියා (ඨදා දෙ ආර) යනුවෙනි. භ්‍රමණය වන වේගයෙන් හා විශාලත්වයෙන්ද පෘථිවියට බොහෝ සමානකම් දක්‌වන බැවින් පෙරදිග ජ්‍යෙdතිෂයේ භූමි පුත්‍ර නමින්ද හැඳින්වේ. කෙසේ නමුදු මීට පෙර ලිපි වලදී සඳහන් කළාක්‌ මෙන් කුජද අහසේ සිට මිනිසුන්ට අපල කරන්නේ නැති බවත්, ග්‍රහ අපල යනු අකුසල කර්මවල විපාක බවත් නැවත වරක්‌ සිහිපත් කිරීමට කැමැත්තෙමු. යම්කිසි කෙනෙකුගේ කුජ බලවත්ද ඔහු හෝ ඇය විවාදයේ දක්‍ෂ වෙයි. එඩිතර හා නිර්භීත වෙයි. පැරදවිය නොහැකි බව හෙවත් මැරෙන තුරු සටන් කිරීම, ශුභව පිහිටි කුජ පෙන්වන ලක්‍ෂණයකි.

යමෙකුගේ කේන්ද්‍රයේ කුජ දුර්වල නම් ඔහු හෝ ඇය ඉක්‌මනින් අධෛර්යයට පත්වේ. බියසුළු, පසුබාන ගතිය ඇති එවැන්නෝ ආරම්භ කරන කටයුතු ඉක්‌මනින් නවතා දමන බව පෙන්වන්නට යාම නිසා අනුන්ගේ පහරදීම්වලට ලක්‌වේ. වැරදි කම්සැප සෙවීම, කාමුක බව, සොර සිත, ද්වේශය හා ක්‍රෝධය යන ලක්‍ෂණ ඇති බවද පෙනේ.

මේ ගතිලක්‍ෂණ කුජ විසින් පෙන්වුවද එහි සැබෑ හේතුව ඇත්තේ උපදින විටම රැගෙන ආ පෙර කර්ම ශක්‌තීන් වෙති. සත්ව අනුකම්පාව, මෛත්‍රීය මෙන්ම පෙර භවයේ දී ලේ දන්දීම, රෝගීන්ට සත්කාර කිරීම, ශ්‍රමදාන කිරීම හා නිවැරැදි දේට උත්සාහ කළ හෙවත් සම්මා වායාමය වැඩූ අයගේ කුජ බලවත් ව උපදී.

එමෙන්ම මව්පියන්ට පහර දීම හෝ ඝාතනය කිරීම, අහිංසක සතුන් ඝාතනය, දඩයම් කිරීම, පහර දීම, බෝම්බ ගැසීම වැනි ත්‍රස්‌ත ක්‍රියා සිදු කිරීම, කාම මිථ්‍යාචාරය මගින් පවුල් අවුල් කිරීම, නිතර කෝපවීම වැනි අකුශල කර්මවල යෙදුනු අයගේ කුජ දුර්වලව උපදී. එවැනි අයට ලේ හැලෙන ලෙස අනතුරුවලට මුහුණ පෑම, අර්ශස්‌ ගඩුගෙඩි වැනි රෝග, ලේ වතුර වීම හෙවත් ලියුකේමියාව රෝග මෙන්ම අනුන්ගෙන් පහර කෑම, තම ධනයට සොරුන්ගෙන් හානි සිදුවීම, විවාහය බිඳ වැටීම නැතහොත් විවාහ සහකරු මිය යැම හෝ අවිවාහකව සිටීමට සිදුවීම ආදී අපල ඇතිවේ. කුජගේ අපලය යනු එයයි. කේන්ද්‍රයේ හත්වැන්නේ කුජ දුර්වල නම් නැතහොත් 1, 2, 4, 7, 8, 12 යන භාවයක කුජ දුර්වලව පිහිටීම නිසා විවාහ දෝෂයක්‌ සෑදේ. එය භෞම දෝෂය හෙවත් මංගල දෝෂය නමින් හැඳින්වේ. එමගින් සහකරුට මාරක අපල ඇති කරවයි.

ඔබේ කේන්ද්‍රයේ කුජ 10 භාවයේ තැන්පත් වී ඇතිනම් එය දිග්බලය යෑයි හඳුන්වනු ලැබේ. එමගින් කුජ බලවත් වේ. එමෙන්ම මේෂ හා වෘශ්චික රාශිවලදී ස්‌වක්‍ෂත්‍ර නම් බලය ලබයි. මකර රාශියේ සිටින විට උච්ච නම් උපරිම බලය උදාකරයි. මේෂ සහ වෘශ්චික යන ලග්නවලින් උපන් අයට අධිපති වන්නේ ද කුජය.

කේන්ද්‍රයේ හතර, හය, අට, දොළහ යන ස්‌ථානවල කුජ දුර්වල වන්නේය. කුජ හතේ සිටින විට පෙන්වන මංගල දෝෂයට බොහෝ දෙනා දක්‌වන්නේ අනවශ්‍ය බියකි. මක්‌නිසාද යත් කුමන දෝෂයක්‌ හෝ භංග වන වෙනත් යෝග ඇති බැවිනි. කෙසේ නමුදු හිටපු අගමැති ඩඩ්ලි සේනානායක හා අනුර බණ්‌ඩාරනායක මහතුන්ගේ කේන්ද්‍රවල කුජ 7 පිහිටා තිබුණි. කුජගෙන් පමණක්‌ නොව සෑම ග්‍රහයෙකුගෙන්ම පෙන්වන්නේ කුසලා කුසල කර්ම බවත්, අපල යනු අකුසල් යනු අකුසල්වල විපාක බවත් මීට පෙරද සඳහන් කළෙමු.

කරදරවලට හේතුව පෙර ආත්මයක කරන ලද පාපකර්ම විය හැකි යෑයි පිළිගැනීමට අකමැති අයද සිටී. එවැනි අය කියන්නේ කවදාවත් එවැනි පව්කම් කර නැති බවයි. පව්පලදීම පිළිගැනීම ලැඡ්ජාවක්‌ නම් මුගලන් මහරහතුන් වහන්සේගේ කථාව සිහිපත් කර ගැනීම වටී. මුගලන් මහ රහතුන් වහන්සේගේ දැක්‌වීමට සුවිශේෂ දක්‍ෂතා තිබූ අගසව් හිමි නමකි. එහෙත් තම සතුරන්ගේ පහරකෑමට ලක්‌ව පිරිනිවන් පෑමට සිදුවූයේ පෙර ආත්මයක මව්පියන්ට පහරදීමේ විපාකයක්‌ වශයෙනි.

කුජ බලවත්ව හෝ දුර්වලව පිහිටියද එම විපාක ලැබෙන්නේ කුජගේ දශාවක්‌ උදාවන විටය. එසේ කුජ අපලය බොහෝ දුරට මඟහරවා ගත හැක්‌කේය. එවැනි විටෙක යන්ත්‍ර හෝ මැණික්‌ ගල් පැළඳීම ආදී බාහිර බලවේගවල පිහිට පැතීම වෙනුවට තමන්ටම කරගත හැකිවූද බෞද්ධ ශාන්ති කර්ම සහ වෙනත් වත්පිළිවෙත් හඳුන්වාදීම මේ ලිපි පෙළේ අරමුණයි. ඒවා පහසු හා වියදම් අඩු වනවා පමණක්‌ නොව මෙලොව පරලොව දෙකටම ශුභඵල දෙන බැවිනි.

කුජ හෝ අපලය උදාකරන හේතුවට පිළියම් කිරීම හොඳම ශාන්ති කර්මයයි. කුජ හිමි අකුසල කර්ම කිරීමට ප්‍රධාන හේතුව වන්නේ තරහව හෙවත් ද්වේශය මූලික වීමයි. එබැවින් කුජ අපල දුරු කිරීමට කළ යුතු මූලික කාර්යය මෛත්‍රිය පුරුදු කිරීම හෙවත් මෛත්‍රී භාවනාවයි. මෛත්‍රී භාවනාව යනු සිල් රෙදි පොරවාගෙන එරමිණිය ගොතා හිඳගෙන පංසලකට ගොස්‌ විශේෂ ඉරියව්වකින් කළ යුතු දෙයක්‌ නොවේ. ඔබ කරන ඕනෑම රැකියාවක්‌ කරන අතරතුරද, ගමනේ යෙදෙන විටද, නිදාගන්නා තෙක්‌ ඇඳේම සිටිමින් හා අවදිව ස්‌වල්ප වේලාවක්‌ද ඒ සිටින ඉරියව්වෙන්ම කළ හැකිය. ඊට වචන රාශියක්‌ අවශ්‍ය නැත. නමුත් ගුරුවරයකු ගෙන්ම උපදෙස්‌ රැගෙන කිරීම සුදුසුය. එසේ කරන විට මෛත්‍රියේ ආනිශංස එකොළහක්‌ ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේ දක්‌වා තිබේ.

මේ හැර බුද්ධ පූජා හා බෝධි පූජා තබා කතරගම දෙවියන්ට පින් දී සෙත්පතා ගැනීමද කුජ අපලයට සුදුසු ශාන්ති කර්මයකි. මෙහිදී කුජහිමි අංක, දින, පාට, ආදිය යොදා ගැනීම උචිතය. අංක 3, රතුපාට, අඟහරුවාදා දිනය හා දකුණු දිශාව කුජට හිමි වේ.

මේ අනුව අඟහරුවාදා දිනය හා කුජ හෝරාව පූජා තැබීම සඳහා ගැලපේ. රතුමල්, රතු නෙළුම්, රතු රෝස, ආදී මල්ද රතු කැකුළු හාල්වලින් සාදන කිරිබත්ද රතුපාට පළතුරු වලින් සාදන ගිලන්පසද සුදුසුය. අංක 3 එකතුවට ලැබෙන 3, 12, 21, 30 ආදී සංඛ්‍යාවලින් මල් වට්‌ටි හා පහන් තැබීම මැනවි. බෝධියේ දකුණු දිශාව බලා වාඩිවීමෙන් ඉක්‌මනින් හිත එකඟවනවා ඇත. කතරගම දෙවියන්ට පූජා තබන විටද රතු කෙසෙල්, රතුමල් විශේෂය. පලතුරු 9 යෝග්‍යය.

පූජාවේ ගාථා කියා අවසානයේ කරණීය මෙත්ත සූත්‍රය 3 වරක්‌ කියවා විනාඩි කිහිපයක්‌ මෙත් වඩන්න. කරණීය මෙත්ත සූත්‍රයේ වචනවල තේරුම් හොඳින් ඉගෙන ගෙන කියවන විට ඉක්‌මන් ප්‍රතිඵල ලැබේ. රතන සහ අභිසම්භිදාන යන්ත්‍ර පැළඳීම ශුභය. කුජ අපලය ඇති විට සටන්වලට යැම නොකළ යුතුය. සටන් මෙහෙයවීම, රතු ඇඳුම් ඇඳීම, මිරිස්‌ සැරට ආහාර ගැනීම නොකිරීමට වගබලාගත යුතුය.

ඉහත ශාන්ති කර්ම කරන විට හිරු උදාවනවාත් සමඟම අඳුර දුරු වන්නේ යම් සේද එසේම අපල දුරුවී ශුභඵල උදාවනු ඇත.



Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks