161 Views  
දරුවාගේ අධ්‍යාපන හැකියාව බලාගන්න...

කුඩාම කාලයේ දඩබ්බර අකීකරු දරුවන් දකින බොහෝ දෙමාපියෝ මේකා නම් හැදෙන එකෙක්‌ නෙවෙයි කියා පසුතැවිලි වන අවස්‌ථා එමටයි. කුඩා කාලයේ යම් දරුවන් අධ්‍යාපන අතින් දුර්වලයි කියා ඇතැම් විට චීචර්ස්‌ලාගෙන් චෝදනා එන අවස්‌ථාද එමටය. අපගේ අත්දැකීම් අනුව එවැනි දරුවන් බොහෝ කොට සෙනසුරු ඒරාෂ්ඨක හෝ නපුරු ග්‍රහයන්ගේ මහ දශා අන්තර් දශා ගෙවන අයයි.

බොහෝ කොට කුඩා කාලයේ එසේ අශුභ තත්ත්වයන් පවතින දරුවෝද පසු කාලීනව ඉංජිනේරුවන් - වෛද්‍යවරුන් බවට පත් වන්නේය. එවැනි දේවල් අපට ජ්‍යෙdතිෂය හරහා දැක බලාගත හැක. මේ සඳහා වඩාත් සුදුසු ජ්‍යෙdතිෂ ක්‍රමය වන්නේ නාඩි ජ්‍යෙdතිෂ ක්‍රමයයි. කොයි ක්‍රමයෙන් මේ තත්ත්වයන් පරීක්‌ෂා කළත් එම දරුවා මෙලොවට ගෙනා කුසලා කුසල අනුවම සියල්ල සිදුවේ.

විශේෂයෙන් නාඩි ජ්‍යෙdතිෂ ක්‍රමයෙන් සෙනසුරු ප්‍රමුඛස්‌ථානයේ ලා සැලකෙයි. එසේ වන්නේ මිනිසාගේ අධ්‍යාපන රැකියා විෂය ක්‍ෂේත්‍රයෙන් බලාපොරොත්තු වන්නේ තම දියුණුව, අභිවෘද්ධිය යන දෙකය. මේ සඳහා මනුෂ්‍යයා කායිකවත් මානසිකවත් ගන්නා වෙහෙසට අධිපතිකම දරන විශ්ව ශක්‌තිය සෙනසුරු බැවිනි. පරාශරාදී ජ්‍යෙdතිෂ ක්‍රමවලට වඩා නාඩි ජ්‍යෙdතිෂ ක්‍රමයේදී සෙනසුරුට ප්‍රධාන තැනක්‌ ලැබෙන්නේ එබැවිනි.

යම් කේන්ද්‍රයක කුජ - ශනි - ගුරු යන ග්‍රහයන් තිදෙනා එකට එක්‌ව සිටීම - ඔවුනොවුන් දැකීම - තිදෙනාම කේන්ද්‍රයේ එකම දිශාවේ පිහිටීම ඇත්නම් ගණිත අංශයෙන් උසස්‌ පෙළ විෂය තෝරා ගැනීම යහපත්ය. හේතුව මේ ග්‍රහ සංයෝගය තුළ ඇත්තේ විධායක තත්ත්වයක්‌ සහිත ඉංජිනේරු හැකියාවකි. නිවැරදි ග්‍රහ දශා රටාවක යන්නේ නම් එය හිමිවෙයි. ඉංජිනේරු ක්‍ෂේත්‍රය නිවේදනය කරන බොහෝa ගණනක්‌ ග්‍රහ පිහිටීම් පවතී. සෙනසුරු ග්‍රහයා වෘශ්චික - මේෂ යන රාශි දෙකෙන් එකක සිටීම හෝ සෙනසුරු කුජ සමඟ සංයෝග වීම - ශනි - කුජ පරිවර්ථනය ආදී ග්‍රහ පිහිටීම් එකක්‌ හෝ තිබේ නම් ඔහුටද ගණිත අංශයෙන් අධ්‍යාපනය සාර්ථක වීමත් ඉංජිනේරු රැකියා ලැබීමටත් හේතු කාරක වෙයි.

මෙසේ එක්‌ යෝගයක්‌ සමඟ රවි - ශනි - රාහු යන ග්‍රහයන්ද ඔවුනොවුන් සංයෝග - පරිවර්තන හා දෘෂ්ඨිවලින් සම්බන්ධ වී සිටී නම් ඒ දරුවන්ට ජීව විද්‍යාව ප්‍රගුණ කර ගැනීමත් ශෛල්‍ය වෛද්‍යවරයෙක්‌ ලෙස බලවත් කෙනෙක්‌ වීමේ හැකියාවද පවතී. රවි - ශනි - රාහු සංයෝගය විශේෂයෙන් රවිට දෙවැන්න හෝ දෙවැන්න අධිපතීත් ලග්නාධිපතිත් යම් ආකාර සම්බන්ධතාවක සිටී නම් එයද වෛද්‍ය යෝගයකි.

එසේම සෙනසුරු ග්‍රහයා කන්‍යා හෝ මිථුන රාශිවලින් එකක පිහිටීම හෝ බුධ ශනි සංයෝගය - පරිවර්ථනය ආදී ක්‍රමවලින් පිහිටා කුජ හෝ කේතුට සම්බන්ධ වී ඇත්නම් එම දරුවාට පරිගණක ඉංජිනේරුවෙක්‌ වීමේ භාග්‍යය පවතී. එසේම සෙනසුරු, තුලා, වෘෂභ යන රාශියක පිහිටීම හෝ ශනී, සිකුරු සංයෝග වී ඇත්නම් ඒ අයට ගණකාධිකාරී අංශයන් ප්‍රගුණ කරගත හැකි බලය තිබේ.

එසේ සිකුරු සමඟ යම් පිහිටීමක සෙනසුරු යෝග වී සිකුරු සවක්‌ෂේත්‍ර හෝ උච්ඡ බලයෙන්ද සිටී නම් එම දරුවා එයට අමතරව සංගීත - චිත්‍රපට අංශයන් සේම බුධ ග්‍රහයා මිථුන රාශියෙත් සිටී නම් ඔහු දක්‌ෂ චිත්‍ර ශිල්පියෙක්‌ද වීමේ භාග්‍යය ලබයි. ගණකාධිකාරී - මුදල් අංශයන්හි රැකියාවක්‌ සේම එයට අමතරව එකී ලලිත කලා හැකියාවන්ද ලබයි. මෙවන් ග්‍රහ පිහිටීම් ඇත්නම් බොහෝ විට පූර්ව ජන්මයේද එම හැකියාවන් තිබිය යුතුය. එය 03 වැන්නාධිපතිගේ පිහිටීම අනුව දැනගත හැක.

මෙසේ සෙනසුරු හා බුධ සංයෝගය හෝ පරිවර්ථනය හෝ සෙනසුරු, කන්‍යා - මිථුන රාශිවල සිටීමත් ගුරු හෝ රවි සමඟ යම් සම්බන්ධතාවක්‌ පවතී නම් ඔහුට පරිපාලන ක්‍ෂේත්‍රයේ නියෑළීමටත් ජනමාධ්‍ය අංශවල උසස්‌ සේවයක්‌ සැලසීමටත් ඉඩකඩ විවර වෙයි. එසේම ගුරු වෘත්තීයේ නියෑළෙන්නටත් විදුහල්පතිවරයෙක්‌ වීමටත් එමඟින් ඉඩකඩ විවර වෙයි.

මෙසේ ග්‍රහ පිහිටීම් තිබූ පමණින් එම තත්ත්වයන් ලැබීමට වාසනාව තිබේ දැයි පරීක්‌ෂා කළ යුතුය. පුංචි දරුවා උත්පත්තිය ලද දශාව කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks